මාර්ගත අධ්‍යාපන ක්‍රමවේදයේ සාර්ථක අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නේ කෙසේද?

 

 

වර්තමානයේ පවත්නා ගොලීය තත්වයන් අභිමුඛව ලෝකයේ සියලු ක්ෂේත්‍රයන් ඉදිරියේ නව තත්වයන් නිර්මාණය වන වටපිටාවකට සියලු රටවල් පත්ව ඇත. මෙතෙක්කල් පැවති ක්‍රමවේදයන් පවතින තත්වයන් හමුවේ වෙනස්ම වූ ක්‍රමවේදයන් ඔස්සේ පවත්වාගෙනයාමට සිදුවී තිබේ. විශේෂයෙන් වත්මන් ඩිජිටල් තාක්ෂණික දියුණුවත් සමග රටක සමාජීය ආර්ථික වටපිටාවන් පවත්වාගෙන යාමට නවීන ක්‍රමවේදයන් භාවිතාවනු දැකගත හැකිය. මෙසේ නිර්මාණය වුණු ගෝලීය තත්වය තුල රටක අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාමට එකී ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතාකිරීම සියලු රටවල් අනුගමනය කරමින් පවතියි. රටක් ලෙස අපද එය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට නම් එකී ක්‍රමවේදයන් වල සුබදායී පරිසරය මුලින්ම අප  ගොඩනගාගත යුතුය. පවත්නා තාක්ෂණික ක්‍රමවේදයන් හරහා ගුරු සිසු දෙමාපිය සබදතා ගොඩනගාගැනීම, නවීන ඉගැන්වීම් ක්‍රමවේදයන් නිර්මාණය කරගැනීම, ඇගයුම් ක්‍රමවේදයන් ගොඩනගා ගැනීම, අප ඉදිරියේ ඇති අභියෝගයන්ය. මේවා සාර්ථක ලෙස පවත්වාගෙන යාමටනම් නවීන සංකල්ප තුල නිර්මාණය වූ තාක්ෂණික මෙවලම් භාවිතාවට යොදාගැනීම අත්‍යවශ්‍යය.

මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුල එහි ප්‍රධානතම කාර්යය මේ වනවිට සිදුවෙමින් පවතියි. මෙම ක්‍රමවේදයන් භාවිතයට ප්‍රථම අධ්‍යාපනික අරමුණු වඩාත් සාර්ථකව ඉටුකල හැකි තාක්ෂණික මෙවලම් මොනවාද යන්නත් ඒවා නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද යන්නත් පිලිබදව නිවැරදි අවබෝදයක් ලබාගතයුතුය. පන්ති කාමරයක් තුලට සීමාවී තිබූ ඉගැනුම් ක්‍රියාවලිය අදවන විට එක තැනක සිට ලොවපුරා බෙදාගත හැකි ලෙස නිර්මාණය වී තිබීම ඉතාමත් සාධනීය තත්වයකි. මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තුල ගුරුවරුන් මෙන්ම සිසුන්ද මුහුන දෙන එක් ප්‍රධානතම අභියෝගයක් ලෙස පැවති ගුරු සිසු අන්තර් සබදතාවයන් වඩාත් සාර්ථකව පවත්වාගෙන යන්නේ කෙසේද යන්නය. අප රට වැනි දියුණු වෙමින් පවතින රටවලට වත්මන් තාක්ශණික දියුණුව නිශ්චිත පිලිවෙලක් අනුව පැමිණීම සිදු නොවූවද පවත්නා ගෝලීය තත්වය හමුවේ රටේ අධ්‍යාපන ක්ශේත්‍රයද එසේ පවත්වාගැනීමට සිදුවූවා මිස තාක්ශණික ක්‍රමවේදයන් නිශ්චිත පිළිවෙලක් ඔස්සේ ක්ශේත්රය තුල ගොඩනැන්වූයේ නැත. එබැවින් මාර්ගගත ක්‍රමවේදය තුල සාර්ථක ගුරු සිසු සම්බන්දතාවයන් පවත්වාගන්නේ කෙසේද යන්න බොහෝ අය විමසන කාරණයකි. බහුතර පිරිස උත්සාහකර තිබුනේ පන්තිකාමරය තුල සිදුකල ඉගෙනුම් විලාශයම මාර්ගගත ක්‍රමය තුලද සිදුකිරීමයි. සිසුන්ට විශය කරුණු පැහැදිලි කිරීම, අවධානය විෂය තුල රදවාගැනීම, ඇගයුම් ක්‍රියාවලිය සිදුකිරීම, සිසුන්ගේ දක්ශතාවයන් දුර්වලතාවයන් හදුනාගැනීම පිළිබදව වැඩි අවධානයක් යොමුකිරීම වැදගත්වේ. මෙහිදී පවතින දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් හරහා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය වෙත යොමු වීම මෙහි පවතින සාර්ථකම ක්‍රමවේදය වේ.

අද දැනුම ගවේෂණයේ  නිරත ශිෂ්‍යාට අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය දත්ත තොරතුරු සුලභව පවතියි. සිදුවිය යුත්තේ එම දත්ත තොරතුරු භාවිතාකරමින් නිර්මාණශීලි චින්තනය දියුණු කිරීමයි. ගුරුවරුන් විසින් සම්බන්දව සිසුන්ට අවශ්‍ය සාර්ථක මග පෙන්වීම සිදුකල යුතුය. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය තුලදී අදාල විශය අධ්‍යනය සදහා අවශ්‍ය දත්ත තොරතුරු ක්‍රමානුකූලව බෙදාහැරීමත්, නිරන්තරව සිදුකරන්නාවූ ඇගයුම් මාර්ගයෙන් සිසුන්ගේ දැනුම් මට්ටම් පිළිබදව විමසා බැලීමත් එමෙන්ම සිසුන්ගේ දක්ෂතාවයන් දුර්වලතාවයන් මොනවාද  යන්න වෙන වෙනම හදුනාගැනීමත් ඔස්සේ ඔවුන්ගේ ඉලක්ක කරා සිසුන් මෙහෙය වීමත් මෙහිදී සිදු කල යුතුය. එසේම  වීඩියෝ තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් ඉගෙනුම් විලාශය සකස් කර ගැනීම පිලිබදවද වැඩි අවදානයක් යොමු කල යුතුය. විශේෂයෙන් මේ සදහා Tutoo.lk වැනි දියුණු ඇගයුම් වේදිකාවක් (Assessment Platform) භාවිතා කල හැකිය. මෙමගින් සිසුන් සම්බන්ධව නිර්මාණය වෙන විශ්ලේෂණ වාර්ථා උපයෝගී කරගනිමින් සිසුන් සම්බන්දයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිය. දත්ත, තොරතුරු මත පදනම්ව මාර්ගත අධ්‍යාපනක්‍රමවේදය ඉතා සාර්ථක ලෙස පවත්වාගෙන යා හැකිය. 

✍️ ජනක නිලංග

Comments

Popular posts from this blog

ශිෂ්‍යයින් ඇගයීම (student assessments) වැදගත් වන්නේ ඇයි?

අඩු කාලයක් තුල ශිෂ්‍ය ඇගයීම් කරන්නේ කෙසේද?

මාර්ගගත පන්තිකාමර තුළ පහසුවෙන් ශිෂ්‍ය ඇගයීම් (student assessments) කළහැකි ක්‍රම (පළමු කොටස)