ශිෂ්‍යයින් ඇගයීම (student assessments) වැදගත් වන්නේ ඇයි?
විශය කරුණු පිළිබඳ ශිෂ්‍යයින්ගේ අවබෝධය ඔවුන්ගෙන් අසා දැනගැනීම ගුරුවරයෙකුගේ ඉගැන්වීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් වේ. පාඩමක් සම්පූර්ණ කිරීමෙන් පසු එහි විශය කරුණු, අධ්‍යාපනික අරමුණු සහ ප්‍රමිතීන් සපුරා ඇත්දැයි ඇගයීම ගුරුවරයෙකුට අත්‍යවශ්‍ය කාර්යයක් සේම වගකීමක්ද වේ. ඇගයීමකින් තොර ඉගැන්වීමක්ද, ඉගැන්වීමකින් තොර ඇගයීමක්ද නැත.
ඉගැන්වීමේ ක්‍රියාවලිය සම්පුර්ණ වීමට නම් ඉගැන්වීමේ අරමුණු සහ විෂයපථය ශිෂ්‍යයින් විසින් අවබෝධ කරගැනීම අනිවාර්යය වේ. මෙම ඉගැන්වීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය මැනීම සදහා ගුරුවරුන් හට පහත ප්‍රශ්න වලට පිළිතුරු සෙවීය හැක. "අපි උගන්වනවා කියා සිතන දේ හැබැහින්ම උගන්වනවාද?", "ශිෂ්‍යයින් ඔවුන් ඉගෙනගත යුතු දේම ඉගෙනගන්නවාද?", "මිට වඩා හොදින් විෂය පථය ඉගැන්වීමට නම් ගත යුතු පියවර මොනවද?" යන ප්‍රශ්න වලට පිළිතුරු ශිෂ්‍ය ඇගයීම තුලින් පහසුවෙන් ලබාගත හැක. ඇගයීම තුලින් ශිෂ්‍යයින් හට ශ්‍රේණි (grades) ලබාදීම, ඔවුන් ස්ථානගත (placement) කිරීම, උපදේශන අවශ්‍යතා (counseling) ලබාදීම, සහ සමහර අවස්ථාවන් වලදී ආධාර (scholarships, free cards) ලබාදීම වැනි තීරණ ගත හැකි වේ.
පන්තිකාමර තුල ගුරුවරයා හා ශිෂ්‍යයා යන දෙදෙනාම මුහුණට මුහුණ හමුවීම තුලින් විෂයමාලාව ඉගැන්වීමේදී, ශිෂ්‍යයින්ගේ මුහුණු වල ඉරියව් තුලින්, ඍජු ප්‍රශ්න කිරීම තුලින්, හා වෙනත් ක්‍රම තුලින් පාඩම කෙතරම් දුරට අවබෝධ විද යන්න පහසුවෙන් හදුනාගත හැකි වුවත් දුරස්ථ (online) අධ්‍යාපනය භාවිතයේදී ඉහත සදහන් ක්‍රම භාවිතයට ප්‍රයෝගික ගැටළු මතුවේ. එනිසා දුරස්ථ අධ්‍යාපනයේදී විෂය පථය ශිෂ්‍යයින් හට අවබෝධ විද යන්න නිශ්චය කිරීමට නම්, අඛණ්ඩව ශිෂ්‍ය ඇගයීම් කිරීම අනිවාර්යය කොට සැලකිය යුතුය.
නිසි ඇගයීම් තුලින්;
ශිෂ්‍යයා පිළිබද විනිශ්චයක් ලබාගත හැක;
- ශිෂ්‍යාගේදැනුම් මට්ටම
- ශිෂ්‍යාගේ ක්‍රියාකාරිත්වය
- ශිෂ්‍යාගේ අවශ්‍යතාවය
- ශිෂ්‍යාට ඉගැන්විය යුත්තේ මොනවාද?
- ශිෂ්‍යාගේ තේරුම් ගැනීමේ ක්‍රියාකාරිත්වය කෙතරම්ද?
- දැනුමේ ක්‍රියාකාරිත්වය කෙතරම්ද?
- නිපුනත්වයේ ක්‍රියාකාරිත්වය කෙතරම්ද?
ශිෂ්‍යයින්ගේ ප්‍රගතිය තක්සේරු කිරීම;
- ශිෂ්‍යාගේ ප්‍රගතිය කෙසේද?
- කුමන ඉගැන්වීමේ ක්‍රම සහ ප්‍රවේශයන් වඩා සාර්ථකද?
- ශිෂ්‍යයින්ගේ පහසුව උදෙසා පාඩම් වල වෙනසක් හෝ නව්‍යකරණයක් අවශ්‍යද?
ශිෂ්‍යයින්ගේ ප්‍රගතිය සම්බන්ධව;
- ශිෂ්‍යයින් ඉගෙනගෙන ඇත්තේ මොනවාද?
- ශිෂ්‍යයා අලුතින් ඉගෙනගත් දෑ ගැන ඔහුට සන්නිවේදනය කල හැකිද?
- අලුතින් ඉගෙනගත් දෑ පිළිබද මනා අවබෝධයක් ඔහු හට තිබේද?
ශිෂ්‍ය ඇගයීම් තුලින් තවදුරටත් ශිෂ්‍යයින්ගේ මෙන්ම ගුරුවරුන්ගේද ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. ඒ වෙනුවෙන් ශිෂ්‍ය සහ ගුරුවරයා යන දෙදෙනාගේම ස්වයං ඇගයීම ප්‍රධාන වශයෙන් බලපානු ඇත.
ශිෂ්‍යයින්ගේ ස්වයං ඇගයීම
- මගේ ප්‍රගතිය කෙසේද?
- එය ඉහල දැමීමට මට කල හැක්කේ මොනවද?
- වෙනත් යමක් ඉගෙනීමට තිබේද?
ගුරුවරුන්ගේ ස්වයං ඇගයීම;
- ශිෂ්‍යයින් හට සරිලන ක්‍රමය කුමක්ද?
- ශිෂ්‍යයින් හට උදව් කිරීමට තව කුමක් හදන්නද?
- මීලගට කුමක් කල යුතුද?
මෙවන් වැදගත් කරුණු රැසකට විසදුම් ලෙස "ඇගයීම්" පිළිගත හැකි අතර දැනට පවතින තාක්ෂණික වෙබ් අඩෙවි හරහා ගුරුවරුන්ට මෙම ක්‍රියාවලිය පහසුවෙන්ම ස්වයංක්‍රිය කල හැක. Tutoo.lk යනු එවැනි ඇගයීම් ස්වයංක්‍රිය කල හැකි කදිම ශ්‍රී ලංකික වෙබ් අඩවියකි. මෙමගින් සම්ප්‍රදායික ඉගැන්වීම් වලින් ඔබ්බට ගොස් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට ගුරුවරුන් හා ශිෂ්‍යයින් දෙපාර්ශවයම නැඹුරු කල හැකි අතර නව මුහුණුවරකින් අධ්‍යාපනය මාර්ගගත (online) තාක්ෂණය ඔස්සේ විශාල සිසුන් ප්‍රමාණයකට එකවර ලබාදීමේ හැකියාව නිර්මාණය වී ඇත.
දුරස්ථ අධ්‍යාපනය අපි සියල්ලන්ටම නවමු අත්දැකීමක් වන අතර ගුරුවරයෙක් ලෙස එහි හිනිපෙත්තටම නැගීමට නම් ඉගැන්වීමේ ක්‍රම නව මුහුණුවරක් ගත යුතු අතර එසේ කිරීමට ඉදිරිපත් වන හා කැපවන ගුරුවරුන් එම ක්ෂේත්‍රයේ ඉහලටම පියමන් කරනු ඇත.
මාර්ගගත පන්තියක් ආරම්භ කිරීමට පෙර ඔබේ ශිෂ්‍යයින් ඇගයීමක් කර ගැනීමට tutoo.lk හි ලියාපදිංචි වී බහුවරණ ප්‍රශ්නාවලියක් උඩුගත (upload) කර එම ලින්ක් එක තම ශිෂ්‍යයින් අතරේ බෙදා හරිය හැක. ඔවුන්ගේ ප්‍රතිපල අනුව ඔබගේ මාර්ගගත පන්තිය සැලසුම් කල හැකි අතර ගුරුවරයාගේ ඉගැන්වීම් කටයුතු කාර්යක්ෂමව කරමින් වඩාත් යහපත් ප්‍රථිපල ලබාගත හැක.


Comments
Post a Comment