අඩු කාලයක් තුල ශිෂ්‍ය ඇගයීම් කරන්නේ කෙසේද?


 

මෑතකදී සිදු කල සමීක්ෂණ ප්‍රතිපල වලින් පෙන්වා දෙන කරුණක් නම් ගුරුවරුන් තම කාලයෙන් වැඩි වෙලාවක් වැය කරනු ලබන්නේ තම ශිෂ්‍යයින් ඇගයීමට හෝ ශ්‍රේණිගත කිරීමටයි. ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනයට සැලකිය යුතු බලපෑමක් ඇති කල හැකි සාධකයක් ලෙස ඇගයීම් සහ ශ්‍රේණිගත කිරීම් නම් කල හැක. ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපනයට ප්‍රධාන වශයෙන් බලපෑ හැකි යැයි සැලකෙන සමාජ ආර්ථික පසුබිම්, චර්යාත්මක මැදිහත්වීම් හා පෙර ජයග්‍රහණයන් යන සාධක වලටත් වඩා වැඩි බලපෑමක් ගුරුවරුන් විසින් ශිෂ්‍යයින් හට ලබා දෙන ප්‍රතිචාර තුලින් ඇතිවිය හැකි බව ජෝන් හේටිගේ (John Hatties’s) සමීක්ෂණ වලට අනුව පෙන්වා දෙයි. ඒ අනුව ශිෂ්‍ය ඇගයීම් වල ඇති වැදගත්කම සහ ගුණාත්මක භාවය පිළිබද අපට අවබෝධයක් ලබාගත හැක.

ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරකම් ඇගයීම හා ශ්‍රේණිගත කිරීම තුලින් ඔවුන්ගේ ඉගෙනීමේ ක්‍රියාවලියට ගුරුවරුන් ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය ක්‍රමයයි. කෙසේ වෙතත් විශාල ශිෂ්‍යයින් ප්‍රමාණයක් ඇගයීම සහ මාර්ගගත අධ්‍යාපනය තුල ශිෂ්‍යයින් ඇගයීම් සියයට සියයක් සාර්ථකව සහ ගුණාත්මකව සිදුකිරීමේ ප්‍රයෝගික ගැටළු ගුරුවරයින් හට පැන නගී. එමනිසා මෙම ලිපිය මගින් ඇගයීම් සහ ශ්‍රේණිගත කිරීම වල ගුණාත්මක භාවය රැකගනිමින් ගුරුවරුන්ගේ කාලය ඉතිරි කරගන්නේ කෙසේද යන්න පිළිබද සාකච්ඡා කරනු ඇත.

ඔබේ ඇගයීම් කාලය අවම කරගැනීමට භාවිත කල හැකි උපක්‍රම 4 ක්

1.       ඇගයීම් කිරීමට ඇති අවස්ථා අවම කිරීම:

ඔබේ පාඩම් සැලසුම් කිරීමේදී ඇගයීමට ලක්කළ යුතු විෂය පථය පිළිබද අවබෝධයක් ඇති කරගත යුතුවේ. ඔබේ ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරකම් වලින් ප්‍රතිශතයක් ලෙස කුමන ප්‍රමාණයක් ඇගයීමට භාජනය කල යුතුද යන්න තීරණය කල යුතුවේ. ශිෂ්‍යයින් හට ලබාදෙන ක්‍රියාකාරම් ඇගයීමට භාජනය නොකරන්නේ නම් එම ක්‍රියාකාරකම් වලින් බලාපොරොත්තුවන ප්‍රථිපල ලබාගත නොහැක. එම නිසා ශිෂ්‍යයින් හට ලබාදෙන ක්‍රියාකාරකම් අනිවාර්යයෙන්ම ඇගයීමට ලක්කිරීමට වගබලාගැනීම හොද ගුරුවරයෙක්ගේ ලක්ෂණයක් සේ සැලකිය හැක.

බැරක් රෝසන්ෂයින්ගේ (Barak Rosenshine) උපදේශන මුලධර්මයන්ට අනුව; මුලින්ම පැහැදිලි කිරීම සහ ආකෘති නිර්මාණය, ඉන්පසු මග පෙන්වමින් පුහුණුව, අවසන ස්වාධ්න පුහුණුව, යනාකාරයෙන් ඉගැන්වීමේ සැලසුම් නිර්මාණය කිරීමෙන් සාර්ථක ප්‍රථිපල ලබාගත හැක. අවසාන අදියර හැරුනුකොට අන් සියලු අදියර ඇගයීම සදහා සංවෘත ප්‍රශ්න නැතහොත් බහුවරණ ප්‍රශ්න භාවිතා කල හැක. ස්වාධින පුහුණුව අදියරේදී ඇගයීම සදහා විවෘත ප්‍රශ්න නැතහොත් රචනා ප්‍රශ්න භාවිතා කල යුතු අතර එම අදියරට ප්‍රවේශ වීමේ අවස්ථාව උදා වනවිට, මුල් අදියර වලදී ලබා දෙන බහුවරණ ප්‍රශ්නාවලීන් තුලින් ශිෂ්‍යයින් හට විෂය පථය පිළිබද මනා දැනුමක් ලැබීම මෙම ක්‍රමයේ සාර්ථකත්වයට හේතුවයි. බහුවරණ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම හා ඒවා ඇගයීම ඉතා පහසු කාර්යයක් වන අතර ඒ සදහා වර්තමානයේ ඇති tutoo.lk වැනි වෙබ් අඩෙවි භාවිතා කිරීම තුලින් තවත් ගුරුවරුන්ගේ කාලය කළමනාකරණය කරගත හැක. තවද බහුවරණ හරහා ලැබෙන දැනුම තුලින් රචනා ප්‍රශ්න වලට වඩා නිවැරදි පිළිතුරු ලබාදීම තුලින් ගුරුවරුන් හට වැරදි ලකුණු කිරීමේ කාලයද ඉතිරි වනු ඇත.

2.       අත්‍යවශ්‍ය කරුණු පමණක් ඇගයීම:

ගුරුවරයෙක් තම පාඩම් සැලසුම් කිරීමේදී එම පාඩමේ ඇති කරුණු පිළිබද ශිෂ්‍යාගේ දැනුම පරික්ෂාවට ලක්කිරීමේදී නැතහොත් ඇගයීමේදී, එම ඇගයීම තුලින් ඇතිවන බලපෑම හා ඒ වෙනුවෙන් භාවිත කල හැකි විකල්ප කවරේද යන්න පිළිබද අවධානය යොමු කිරීම වැදගත් වේ.

ගුරුවරයෙක්ගේ ලකුණු දීම හෝ ඇගයීම තුලින් ශිෂ්‍යයින්ගේ ඉගෙනීමේ ක්‍රියාවලිය වැඩිදියුණු වන්නේ නම් හා එම ඇගයීම් තුලින් ශිෂ්‍යයා එම පාඩමට අනුගත වන්නේ නම් හෝ පමණක් ඇගයීමේ ක්‍රියාවලිය සිදුකල යුතුවේ. ඇගයීමේ ක්‍රියාවලිය තුලින් ඉහත සදහන් බලපෑමක් සිදු නොවන්නේ නම් එම ඇගයීමේ ක්‍රියාවලිය වෙනුවට වෙනත් ක්‍රියාකාරකමක් භාවිත කිරීම ශිෂ්‍යයාගේ ඉගෙනීමේ ක්‍රියාවලියට වඩාත් ලදායි වේ.

නිසි ඇගයීම් කිරීම වෙනුවෙන් කාලය සීමිත වූ අවස්ථාවන්හිදී විකල්ප ක්‍රම භාවිතය ඉතා වැදගත් වේ. ශිෂ්‍යයින් පාඩම නිසි ආකාරයෙන් ඉගෙනග්ත්තේද යන්න පරික්ෂා කිරීම අනිවාර්යය වන අතර ඒ වෙනුවෙන් බහුවරණ ප්‍රශ්නාවලියක් පමණක් භාවිතය සැහේ ද?, ශිෂ්‍යයින් ශිෂ්‍යයින් අතරේ බෙදා දීමෙන් ඇගයීම් ලකුණු කල හැකිද?, නැතහොත් ඇගයීම් ප්‍රශ්නාවලියේ උත්තර සිසුන් අතරේ බෙදා දීමෙන් ඔවුන්ගේ උත්තර වල අඩුපාඩු ඔවුන් විසින්ම අවබෝධ කරගෙන ඒවා වැඩිදියුණු කරගත හැකිද?, යන විකල්ප ක්‍රම සලකා බැලිය හැක.

3.       ප්‍රතිචාර සටහන් භාවිතය (Rubrics):

ඉගැන්වීමේ ක්‍රියාවලියට බෙහෙවින්ම වැදගත් වන මෙවලමක් සේ ප්‍රතිචාර සටහන් (rubrics) හැදින්විය හැක. මෙම ප්‍රතිචාර සටහන් තුලින් ශිෂ්‍යයින්ගේ ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේදය විනිවිදාත්මකව පිළිබිඹු වන අතර සියලුම ශිෂ්‍යයින් එකම ක්‍රමවේදයක් ඔස්සේ ඇගයීමට මෙම ක්‍රමය බෙහෙවින් උපකාරී වේ. මෙම ප්‍රතිචාර සටහන් රචනා ප්‍රශ්න ඇගයීමේදී වඩාත් ඵලදායී ප්‍රථිපල ලබාදේ. රචනා ප්‍රශ්නාවලිය සමගින් මෙම ප්‍රතිචාර සටහන්ද අමුණා ශිෂ්‍යයින් අත පත්කිරීම තුලින් ගුරුවරයාගේ ඇගයීමට පෙර ශිෂ්‍යයාටද එම පිළිතුරු ඇගයීමට ලක්වන ආකාරය පිළිබද අවබෝධයක් ලබාගත හැකි වේ.

පහතින් දක්වා ඇත්තේ ආදර්ශ ප්‍රතිචාර සටහනක් සහ උදාහරණ ප්‍රතිචාර සටහනකි. ප්‍රතිචාර සටහන් පිළිබද ඉදිරි ලිපියකින් සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

ආදර්ශ ප්‍රතිචාර සටහන

 

උදාහරණ ප්‍රතිචාර සටහනක් (පිළිතුරු පත්‍රයේ නිවැරදි දේ කොළ පැහැ ලකුණු කරන අතර මුලික සිද්ධාන්ත වලින් පිට හෝ වැරදි දේ රතු පැහැයෙන් ලකුණු කරයි. දකුණතින් ඇත්තේ ගුරුවරයේගේ ප්‍රතිචාර සටහනයි)

1.       ඇගයීම් ක්‍රියාවලිය වේගවත් කිරිම:

ඇගයීමකින් තොර ඉගැන්වීමක් නැත. එමනිසා සාර්ථක ඉගැන්වීමක් සදහා හොද ඇගයීම් ක්‍රියාවලියක් අනිවාර්යය වේ. ගුරුවරයෙක් ලෙස ඉහත යෝජනා කල ක්‍රමවේදයන්ට අනුගත වෙමින් ඇගයීම් ස්වයංක්‍රිය කිරීම හෝ අවම කිරීම සිදුකලත් යම් ප්‍රමාණයක ඇගයීම් ගුරුවරයා විසින් සිදුකල යුතු වේ. එම ඇගයීම් වෙනුවෙන් අඩු ශ්‍රමයක් භාවිත කොට වැඩි ප්‍රථිපල ලබාගැනීමට, පිළිතුරු ලකුණු කිරීමේදී විවිද වර්ණයන් භාවිත කිරීම මගින් ශිෂ්‍යයින් හට ඔවුන්ගේ පිළිතුරු වලට ලැබෙන ප්‍රතිචාර දෘෂ්ඨි ඉගි ලෙස අවබෝධ කරගත හැකි වේ.  

පහත පරිදි මෙම ඉගි වෙන් කරගත හැක. 

    • ශිෂ්‍යාගේ පිළිතුරෙහි සිත් ඇදගන්නා  හෝ බලාපොරොත්තු අභිබවා යන යමක් ලියා ඇතිනම් එම කොටස කොළ පැහැයෙන් සලකනු කිරිම. 
    • ශිෂ්‍යාගේ පිළිතුර ශ්‍රේණිගත කිරීමකට ප්‍රමාණවත් නම් එය කොළ පැහැයෙන් ලකුණු කිරීම.
    • වැරද්දක් ඇතිනම් රතු පැහැයෙන් ලකුණු කිරීම.
    •  වැදගත් කරුණක් මගහැරී ඇතිනම් එයද රතු පහන් ලකුණු කිරීම.
    •  රතු පැහැයෙන් ලකුණු කල කොටසට අදාළව, ප්‍රතිචාර සටහනේ EBI (Even Better If) කොටසේ ශිෂ්‍යයින්ගේ අඩුපාඩු ලකුණු කිරීමද ශිෂ්‍යන්ගේ ක්‍රියාකාරකමක් හෝ අභ්‍යාසයක් ලෙස යොදාගැනීම.
    • ප්‍රතිචාර සටහනේ Corret යන කොටසේ ඔවුන්ගේ වැරදි නිවැරදි කිරීමද ක්‍රියාකාරකමක් හෝ අභ්‍යාසයක් ලෙස යොදාගැනීම.
    •  ප්‍රතිචාර සටහනේ Perfect යන කොටසේ ශිෂ්‍යයා, ගුරුවරයාගේ ප්‍රතිචාරය අවබෝධ කරගත් බවට කෙටි සටහනක් තැබීම.

ඉහත ක්‍රම භාවිතය තුලින් ගුරුවරයෙක් ශිෂ්‍ය ඇගයීම් වෙනුවෙන් වෙන් කරන කාලය අවම කරගත හැකි අතර වඩාත් යහපත් ප්‍රථිපල බලාපොරොත්තු විය හැක.

 

Comments

Popular posts from this blog

ශිෂ්‍යයින් ඇගයීම (student assessments) වැදගත් වන්නේ ඇයි?

මාර්ගගත පන්තිකාමර තුළ පහසුවෙන් ශිෂ්‍ය ඇගයීම් (student assessments) කළහැකි ක්‍රම (පළමු කොටස)