මාර්ගත අධ්‍යාපන ක්‍රමවේදයේ සාර්ථක අන්තර් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නේ කෙසේද?
වර්තමානයේ පවත්නා ගොලීය තත්වයන් අභිමුඛව ලෝකයේ සියලු ක්ෂේත්‍රයන් ඉදිරියේ නව තත්වයන් නිර්මාණය වන වටපිටාවකට සියලු රටවල් පත්ව ඇත . මෙතෙක්කල් පැවති ක්‍රමවේදයන් පවතින තත්වයන් හමුවේ වෙනස්ම වූ ක්‍රමවේදයන් ඔස්සේ පවත්වාගෙනයාමට සිදුවී තිබේ . විශේෂයෙන් වත්මන් ඩිජිටල් තාක්ෂණික දියුණුවත් සමග රටක සමාජීය ආර්ථික වටපිටාවන් පවත්වාගෙන යාමට නවීන ක්‍රමවේදයන් භාවිතාවනු දැකගත හැකිය . මෙසේ නිර්මාණය වුණු ගෝලීය තත්වය තුල රටක අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් ඵලදායීව පවත්වාගෙන යාමට එකී ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතාකිරීම සියලු රටවල් අනුගමනය කරමින් පවතියි . රටක් ලෙස අපද එය සාර්ථක ලෙස පවත්වාගෙන යාමට නම් එකී ක්‍රමවේදයන් වල සුබදායී පරිසරය මුලින්ම අප ගොඩනගාගත යුතුය . පවත්නා තාක්ෂණික ක්‍රමවේදයන් හරහා ගුරු සිසු දෙමාපිය සබදතා ගොඩනගාගැනීම , නවීන ඉගැන්වීම් ක්‍රමවේදයන් නිර්මාණය කරගැනීම , ඇගයුම් ක්‍රමවේදයන් ගොඩනගා ගැනීම , අප ඉදිරියේ ඇති අභියෝගයන්ය . මේවා සාර්ථක ලෙස පවත්වාගෙන යාමටනම් නවීන සංකල්ප තුල නිර්මාණ...