අඩු කාලයක් තුල ශිෂ්‍ය ඇගයීම් කරන්නේ කෙසේද?
මෑතකදී සිදු කල සමීක්ෂණ ප්‍රතිපල වලින් පෙන්වා දෙන කරුණක් නම් ගුරුවරුන් තම කාලයෙන් වැඩි වෙලාවක් වැය කරනු ලබන්නේ තම ශිෂ්‍යයින් ඇගයීමට හෝ ශ්‍රේණිගත කිරීමටයි. ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනයට සැලකිය යුතු බලපෑමක් ඇති කල හැකි සාධකයක් ලෙස ඇගයීම් සහ ශ්‍රේණිගත කිරීම් නම් කල හැක. ශිෂ්‍යයෙක්ගේ අධ්‍යාපනයට ප්‍රධාන වශයෙන් බලපෑ හැකි යැයි සැලකෙන සමාජ ආර්ථික පසුබිම්, චර්යාත්මක මැදිහත්වීම් හා පෙර ජයග්‍රහණයන් යන සාධක වලටත් වඩා වැඩි බලපෑමක් ගුරුවරුන් විසින් ශිෂ්‍යයින් හට ලබා දෙන ප්‍රතිචාර තුලින් ඇතිවිය හැකි බව ජෝන් හේටිගේ ( John Hatties’s) සමීක්ෂණ වලට අනුව පෙන්වා දෙයි. ඒ අනුව ශිෂ්‍ය ඇගයීම් වල ඇති වැදගත්කම සහ ගුණාත්මක භාවය පිළිබද අපට අවබෝධයක් ලබාගත හැක. ශිෂ්‍යයින්ගේ ක්‍රියාකාරකම් ඇගයීම හා ශ්‍රේණිගත කිරීම තුලින් ඔවුන්ගේ ඉගෙනීමේ ක්‍රියාවලියට ගුරුවරුන් ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය ක්‍රමයයි. කෙසේ වෙතත් විශාල ශිෂ්‍යයින් ප්‍රමාණයක් ඇගයීම සහ මාර්ගගත අධ්‍යාපනය තුල ශිෂ්‍යයින් ඇගයීම් සියයට සියයක් සාර්ථකව සහ ගුණාත්මකව සිදුකිරීමේ ප්‍රයෝගික ගැටළු ගුරුවරයින් හට පැන නගී. එමනිසා මෙම ලිපිය මගින් ඇගයීම් සහ ශ්‍රේණිගත කිරීම වල ...